කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…

කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…
Spread the love

පසුගිය පළාත් පාලන මැතිවරණය අවසාන වීමත් සමගින් සමස්ත දේශයේම ප්‍රචණ්ඩත්වය වාර්තාගත ලෙස ඉහල යාමට හේතුව මහින්ද රාජපක්ෂයන්ගේ සහය ලත් අපරාධකරුවන්ගෙන් සහ දුෂකයන්ගෙන් සැදුම්ලත් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය බව මුළු රටම දන්න කරුණකි.. මෙහි ආසන්නතම සිදුවීම කොලොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා විය…

කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රවීණ දේශක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වන ප්‍රසන්න මඩවල මහතාට ඔහුගේ නිවස ආසන්නයේදීම පොහොට්ටුවේ මැරයන් විසින් පහරදී ඇත..

අපට වාර්තාවන පරිදි සිදුවීම මෙසේය…

මඩවල තම රාජකාරිමය කටයුතු නිමකර තම පුද්ගලික මෝටර් රථයෙන් නිවස බලා පැමිණෙද්දී ඔහු පසුපසින් ඔහුව හබාගෙන පැමිණි යතුරුපදිකරුවෙක් ඔහුව ගැටුමකට සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව මාර්ගයේ තම මෝටර් රථය ධාවනය කර ඇත. එහිදී බොහොම අසීරුවෙන් රිය අනතුරු වලක්වාගනිමින් තම මෝටර් රථය නිවස කරා මඩවල රැගෙන යද්දී පසුපසින් පැමිණි යතුරුපැදියේ සිටි මැරවරයා විසින් මඩවල රථයෙන් ඉවතට පැමිණෙනවාත් සමග ඔහුට පහරදී ඇත. මෙහිදී මඩවල වෙත පහර පිට පහර එල්ල වෙද්දී මඩවල උපකාර ඉල්ලා කෑගසා ඇති අතර එහිදී ප්‍රදේශවාසින් විසින් යතුරුපැදිකරුට පහරදී ඇත.

තෝ දන්නවද  *සිගේ පුතෝ අපි කවුද කියල? අපි තමයි *තතෝ මෙහෙ දිනුවේ.. අපි මහින්දගේ *රියෝ යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පලාගිය යතුරුපැදිකරු සුළු මොහොතකින් කැති මන්න පොලු රැගත් මැරයන් පිරිසක් සමගින් පැමිණ එම ස්ථානයේ සිටි සියලුදෙනාට පහරදී ඇත. එම පහරදීමෙන් දරුණු ලෙස තුවාල ලැබූ මඩවල සහ ඔහුගේ මෑණියන් ඇතුළු පිරිසක් මුල්ලේරියාව දිසා රෝහලට ඇතුලත් කර ඇත..

මේ වනතුරුත් මුළු ප්‍රදේශයම පිඩාවට පත්කළ මේ සිදුවීමට අදාළ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය සදහන් කලේ පහරදුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වගයි..