මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි

මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි
Spread the love

දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.

” මේකට ආරාධනා කලේ නැහැ කාටවත්, ඉල්ලීම් කරපු අයට විතරක් අවස්ථාව දුන්නා. අනික ආරාධනා කරන්න ඔයා කවුද ? ” යනුවෙන් විමසා ඇත.

එවිට ගම්මන්පිල විසින් පෙන්වා දී ඇත්තේ තමන් එම කමිටුවේ සභිකයෙකු බවත් ඒ නිසා ආරාධනා කල යුතු නමුත් අවම වශයෙන් දැනුම් දීමට හෝ තිබුනු බවයි.  එවිට බැසිල් විසින් උස් හඬින් පවසා ඇත්තේ ..

” ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ. ඒ මගේ හැටි. වැඩක් බලාගෙන ඉන්න, බැරිනම් යන්න. ” යනුවෙනි.

එවිට උදය පවසා ඇත්තේ ” ඇයි ඔයා ඔච්චර සද්දෙන් කතා කරන්නෙ. අපි මොකක්ද කරපු වරද  ” යනුවෙනි. එවිට නැවතත් බැසිල් පවසා ඇත්තේ ” ඔය සුලු පක්ෂවල අය මොනවද කලේ. මේක පොදුජන පෙරමුණේ ජන රැල්ල. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගෙන ඉන්නවා. ඔයාගේ නායකයටත් ඕක කියනවා ” යනුවෙනි

එවිට නැවතත් ගම්මන්පිල පවසා ඇත්තේ ” කවුද මගේ නායකයා. මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ” එවිට උරණ වූ බැසිල්  ” විමල් වීරවංශ ” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කොට ඇත.

මේ සිද්ධිය පිළිබඳව ගම්මන්පිල විසින් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය හිටපු ජනපතිවරයා දැනුවත් කිරීමට ඔහු උත්සාහ කලද, එයද ව්‍යර්ථ වූ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වූ මොහොතේ බැසිල් සිය බිරිඳද කැටුව මෙරටින් පලා ගිය අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නැවතත් ජනරැල්ලක් ගොඩනගා ජයග්‍රාහී මාවත දක්වා ගෙන ආවේ විමල්, දිනේෂ්, වාසු, උදය වැනි සෙසු පක්ෂ නායකින්ය. මේ ආකාරයට බැසිල්ගේ ඒකාධිපති ස්වරූපය හරහා බැසිල් ගමන් කරන්නේ කොතනටද යන්න නැවතත් විමසා බැලිය යුතුය.

http://lankaenews.me අඩවියෙන් උපුටා ගත්තකි