බොලිවුඩයේ සුපිරි නිලියක් වන ශ්‍රී දේවී හෘදයාබාධයක් හේතුවෙන් අද දින මියගොස් ඇත. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බොනී කපූර් හා විවාහ වී සිටි ඇය මියයන විට 54 වෙනි වියෙහි පසු වූවාය.
හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
මිය යන විට ශ‍්‍රීදේවි 54 වන වියේ පසුවුණා.
ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12දියි.
ඉන්දීය චිත්‍රපටවල රඟ පෑමට පෙර ඇය දමිල,තෙලිඟු සහ මලයාලම් චිත්‍රපටිවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වු ඇය එයින් 5ක්ම දිනාහැනීමටද සමත් වුණ.
සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපුර්ගේ බිරිඳ වන ඇය ඉන්දීය නිලි කුශී කපූර්ගේ මවද වනවා.


