බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!

බ්‍රිතාන්‍යයේ කොටි  හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!
Spread the love
බ්‍රිතාන්‍යයේ සිටින එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ලන්ඩන් නුවර අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටින් හා එරට පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ස්ථාන කිහිපයකින් එම විරෝධතා ආරම්භ කෙරුණා. 
ඒ පිළිබඳ තොරතුරු ගෙන ආ ලන්ඩන් නුවර නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරිමට බ්‍රිතාන්‍ය රජය වගබලාගත යුතු බවට විරෝධතා කරුවන් ඉල්ලා සිටි බවයි.
බ්‍රිතාන්‍ය තුළ තහනම් සෙසු ත්‍රස්තවාදී සංවිධානවලට ලබා නොදෙන පහසුකම් එල් ටී ටී ඊ සංවිධානය වෙත ලබා දෙන බවටයි විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකිකයින් පවසන්නේ.