මහින්දගේ ගෙදර සාදයක්… හේතුව සහ ආපු අය මෙන්න…

මහින්දගේ ගෙදර සාදයක්… හේතුව සහ ආපු අය මෙන්න…
Spread the love
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අද (25) විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගී වනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදීයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා පිළිබඳ එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දැනුවත් කෙරෙන බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේදී අද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් එය පැවැත්වෙන බවයි අප වෙත වාර්තා වුණේ. 

මේ අතර ජනතා මතයට හිස නමා මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා එ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළි මාලාවේ පළමු වැන්න ලබන 06 වැනිදා නුගේගොඩින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඊට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම කටයුතු සංවිධාන කිරීම සඳහා මන්තී‍්‍රවරුන් 5දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබෙනවා. මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්ති‍්‍රවරුන් එහි සාමාජිකයින්.