සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත

සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත
Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ තනතුරු ඉදිරි සති දෙක ඇතුළත වෙනස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ නව ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
මේ අතර නව කැබිනට් සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යංශවල විෂය පථයන්ද ඉදිරියේදී ප්‍රතිසංවිධානයකට ලක්කරන බව ජනාධිපතිවරයා පැවැසීය. මෙහිදී අදාළ ආයතන නිවැරදිව ගැළපෙන අමාත්‍යංශ යටතට පත්කිරීමටද නියමිතය.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම්ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
රටේ ජනතාවගෙන් ලැබි ඇති පණිවුඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු ඉදිරි වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.