ඊයේ (25 ) සිදුවූ කැබිනට් සංශෝධනයේදී වැඩිම කතා බහට ලක්වූ මාතෘකාව වුයේ නිතිය හා සාමය අමාත්‍යධුරය සම්බන්ධයෙනි.එහිදී සති ගණනක සිට නොයෙකුත් මාධ්‍ය වාර්තා කර සිටියේ එම ධුරය සරත් ෆොන්සේකාට හිමිවනු ඇති බවය.
කෙසේ වෙතත් අවසානයේදී එම කැබිනට් අමාත්‍යධුරය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.පසුව එම සිදුවීම පිලිබදව සමාජ මාධ්‍ය ජාලා තුල දැඩි අවධානයක් යොමුවිය.පසුව එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුනේ එම අමාත්‍යධුරය තව සති දෙකකින් සරත් ෆොන්සේකාට හිමිවන බවය. ඔවුන් පවසන ආකාරයට අගමැතිතුමා වැඩ බැරි ටාසන් කෙනෙක්ද? එජාප මඩ වෙබ් අඩවි මෙලෙස සරත් ෆොන්සේකා උඩ දමා රනිල් වික්‍රමසිංහට එම අමාත්‍යධුරය ලබාදීම වැඩක් නැති බව කියන්නේ කුමන පදනමකින්දැයි අපි නොදනිමු.