අගමැති රනිල් පක්ෂයෙන් පන්නන්න එජාප ප්‍රබලයින් පිරිසක් රහස් සාකච්ඡාවක

අගමැති රනිල් පක්ෂයෙන් පන්නන්න එජාප ප්‍රබලයින් පිරිසක් රහස් සාකච්ඡාවක
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (25) රාති‍්‍රයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ, අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාරගේ නිවසේදීයි.

මෙම හමුවට විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක ඇතුළු මැති ඇමතිවරු සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ.

සාකච්ඡාවට සහභාගී වීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ ප‍්‍රභලයින් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවද සඳහන්.

මෙම සාකච්ඡාව සිදු කර ඇත්තේ ඊයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුවයි. මෙහිදී සංශෝධනය වූ අමාත්‍යධුර 10න් 9ක්ම අයත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. කෙසේවෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව සංශෝධනයන්ට ඇතුළත් නොවූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම නවකයින්ද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ අප‍්‍රසාදයක් පළ කරමින්.