අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයද ප්‍රතිචාර දැක්වූවා.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මේ පිළිබඳ අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ “බොහොම පැහැදිළිව අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කරන්න ඕනේ.. රනිල් වික්‍රමසිංහට දැඩි චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා රංගේ බණ්ඩාරටත් යම් සහයෝගයක් ජනපති සහ ශ්‍රීලනිපයෙන් ලැබෙනවා ඇති කියලා. මේ මොහොතේ අපිත් සහය දෙනවා ” යනුවෙනි.