අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙන්නේ “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනුත් ඉතා පැහැදිළිව සඳහන් කරනවා..අගමැතිවරයාගේ ධූරය අහිමි කළ හැකි එක ප්‍රධාන අවස්ථාවක් වශයෙන් ඔහුට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව.” යනුවෙනි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ කුමන කණ්ඩායම්වලටදැයි ද මෙහිදී විස්තර කෙරුණා.
“පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ හුදෙක් විපක්ෂයට පමණක් නෙමෙයි. ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායම් හැරුණු කොට (අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය).. එයට අයිති නොවන ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා සාමාන්‍ය තත්ත්වය තුළදී විශ්වාසභංග යෝජනාවක් වන ඉල්ලීම ඉදිරිපත් කරන්න.”