එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.
‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ.
මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ.
මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුලුවන් කමක් නෑ.
මේ පක්ෂයේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න. සමස්ත රටේම හඬ මේකයි. පාර්ලිමේන්තුවේ ඉන්න මැතිඇමැතිවරුන්ට කියන්නේ ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ පක්ෂය ගැන හිතන්න. පක්ෂය දියකරන්න ඉඩ දෙන්න එපා.
මේ ක්‍රියාදාමය තුලින්වත් වැඩක් වෙන්නේ නැතිනම් අපිට සිද්ධ වෙනවා අනුකම්පා විරහිතව විශ්වාස භංගයක් ගේන්න. ඒ විශ්වාස භංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියාකරන්න යන්නේ. ඒ විශ්වාස භංගයට නායකත්වය ගන්න අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා. ‘‘
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ අප එක්සත් ජාතික පක්ෂයේ තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.
එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.
“තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”