නව දේශපාලන පණිවුඩයක් සමාජගත කිරිමට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව ජූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ අප කළ විමසීමකදීයි උන්වහන්සේ ඒ බව පැවසුවේ.
එහිදී “මම හිතන්නේ ආණ්ඩුව ඇතුළේ එක එක ප්‍රවණතා..සංකීර්ණ තත්ත්වයන් දකින්න හම්බවෙනවා.මම පසුගිය කාලය පුරාම නිහඬව හිටියේ යම්කිසි වැඩපිළිවෙලක් නිසා. දැන් සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ඉදිරි කාලය තුළ හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙයි මම මොකක්ද කරන්නේ කියලා. ඇත්තවශයෙන්ම ඒක ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන පණිවුඩයක්.” යනුවෙන් සඳහන් කළා.