ආණ්ඩුවට ජනතාවට කුමක් උනත් තම අතිජාත මිතුරා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කවුරුන් හෝ විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කරන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්තී‍්‍ර කණ්ඩායමක් සූදානමින් සිටින බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ (26) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
අමාත්‍ය ජෝන් අමරතුංගගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ “අද යනවා සිරිකොතට..ගියාම බලලා කියන්නම්..2.00ට එන්න කියලා තියෙනවා.” යනුවෙනි.