කැබිනට් සංශෝධණය ගැන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාස භංග යෝජනාව ගැන හදිසි සාකච්චාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂ ඉහල පෙලේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කර ඇත.
මෙම හමුව සදහා එජාප මහ ලේකම් කබීර් හෂීම්, මංගල සමරවීර, අකිල විරාජ්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය ගැන ජනාධිපතිවරයා සමග මෙහිදී වැඩි වශයෙන් සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි.