ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) උදෑසන 9 ට ජනපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබූ බව දේශපාලන ආරංචි වල සඳහන් වේ.සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුණ ගැසී ඇති අතර. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ඉකුත් සමයේ දිගින් දිගටම විවිධ වාර්තා පළ වුණත් කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකරන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකාවේ රැඳී නොසිටි බැවින් මෙම හමුවීම් යොදාගෙන ඇතැයි එම ආරංචි වල වැඩි දුරටත් සඳහන් වේ.
ෆොන්සේකා අද ජනපති හමුවෙයි
