පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..

පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..
Spread the love
එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. පක්‍ෂ දෙක එක්වුවහොත් එම ආයතනයේ බහුතර බලය ලබාගත හැකි නම් ඒ සෑම පළාත් පාලන ආයතනයකම බලය ඒකාබද්ධව පිහිටුවීමටයි තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඊයේ පැවති රැස්වීමේදී පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව දැනුම් දී ඇතැයි සදහන්. ඒ අනුව ඊට අදාළ කටයුතු සොයා බලන්නැයි මහ ලේකම්වරයා දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ. 

කෙසේවෙතත් පළාත් පාලන ආයතන පිහිටුවීම මාර්තු 20 දක්වා කල් තැබීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (27) තීරණය කළා.