දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමාකරමින් පසුගිය දා විශ්‍රාම ලබා ගත්තා.
මේ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව පා ගමනින් බස් නැවතුම වෙත ගොස් බස්‌රියක නැගී සිය නිවෙස බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
ඩී. පී. ජී. කුමාරසිරි අනුරාධපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික් ලේකම්වරයා ලෙස ද පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.
සිය විශ්‍රාම යැම නිමිතිකොට ගෙන ලේකම් කාර්යාලයේ පැවැති සුහද හමුවකට ද එක්‌වූ ඒ මහතා එහිදී ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ හා නිලධාරීන් ගෙන් ලද සහාය අගේ කොට සඳහන් කරමින් ඉදිරියටත් අවංක හා නොබියව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.
[rns_reactions]