ජනප්‍රිය තාරකාවක්වන ඕෂධී හිමාෂා පසුගිය දා පුවත්පතකට ‘Living Together’ සංකල්පය පිළිබඳ යම් අදහසක් දක්වා තිබේ. එහි දී ඇය සඳහන් කර තිබෙන්නේ එය යහපත් දෙයක් බවයි.
ඇය ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින් :
Living Together සංකල්පය ගැන මොකද්ද අදහස?
”මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක හොඳ දෙයක් කියල. මොකද දෙන්නෙකුට එකිනෙකා අවබෝධ කරගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි එකට ජිවත් උනහම”
විවාහවෙලා එකට ජීවත් වෙනකොට තේරුම් ගන්න බැරි ද?
”මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරා දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැලපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වැඩිය එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගන වෙන්වෙන එක හොඳයි.”
මේ කියන කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද?
”මම නම් ඒ සංකල්පයට ආසයි සහ කැමති. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ ඒ දිහා බලල නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකි ද කියන දේ තේරුම් ගන්න Living Together ඉතාමත් හොඳ අවස්ථාවක්”