උග්‍රවන උප සංස්කෘතියට එරෙහිව පිලියමක් ලෙස ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි..!

Spread the love

මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු බවට රජයේ අවධානය යොමු වී ඇති බව අපට වාර්තා වේ. දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගතයුතු කාලය එළඹ ඇති බවද රජයේ ස්ථාවරය වී ඇත.

ත්‍රීරෝධ රථ නිසා උද්ගතව ඇති තත්වය පිලිබදව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි විසින් ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව රජය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

දුම්රිය භාවිතකරන මගීන් සංඛ්‍යාව 8% සිට 12% දක්වා වැඩිකරගැනීම රජයේ ඉලක්කය වී ඇති බවත්, ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් ඇතිකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භකර ඇත.

ලෝකයේ බොහෝ රටවල දුම් දමන කාර්,වෑන් වෙනුවට විදුලි වාහන ආදී පරිසර හිතකාමී වාහන භාවිතකිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඒසඳහා ශ්‍රීලංකාව නැඹුරු කළ යුතුයි.

දවසකට කන්ටේනර් 94 ක් ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට ගල්අඟුරු ගෙනාවා. මුළු පරිසරයම දූෂණය වුණා. මේගැන කල්පනා කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා එය නැවැත්තුවා. ඒවෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් ලබාදුන්නා. තිරසර සංවර්ධනයට මම එක දායකත්වයක් එලෙස ලබාදුන්නා. ඉන්ධන ප්‍රවාහනය දුම්රිය ඔස්සේ පමණක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග තදබදය අවම කිරීමට දුම්රියෙන් යන මගී සංඛ්‍යාව වන 8% තවදුරටත් 12% දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් සැකසීමේ වැඩකටයුතු අපි ආරම්භ කර තිබෙනවා.

ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.

[rns_reactions]