අගමැති රනිල් පුටුවෙන් එළවන සටනේදී මෛත්‍රීගේ සහයත් රංගේ බණ්ඩාරට…

අගමැති රනිල් පුටුවෙන් එළවන සටනේදී මෛත්‍රීගේ සහයත් රංගේ බණ්ඩාරට…
Spread the love
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ගෙන යන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත‍්‍රී ගුණරත්න පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ද වන නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මේ බව කියා සිටියේ ගාල්ල කතළුව ප‍්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

බුද්ධික පතිරණ, මාතලේ අලුවිහාරේලා සහ රංගේ බණ්ඩාර අග‍්‍රාමාත්‍යවරයා විසින් නොසළකා හැර ඇති මන්ත‍්‍රීවරුන් බව  නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මෙහිදී සඳහන් කළා. අගමැතිවරයාගේ අදහසට පිටින් යන හෝ ඊට එරෙහිවන පුද්ගලයින්ට ඔහු මෙසේ කරනබවයි මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.