ත්‍රීරෝධ රියේ එකවර සිසුන් 16ක්… උත්සහය ලෝක වාර්තාවකටද? රියදුරුට උසාවියෙන් දඩ..

Spread the love

කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවන් 16 දෙනකු එකම ත්‍රීරෝද රියේ නංවා ගෙන අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ රියදුරකුට උසාවියෙන් දඩ නියම කර තිබෙන අතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක දඩයක්‌ නියම කර ඔහුට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

අනාරක්‍ෂිත හා අමානුෂික හා පීඩාකාරී ලෙස කුඩා පාසල් සිසුන් 16 දෙනකු ත්‍රිරෝද රථයේ පටවාගෙන ධාවනයේ යෙදෙමින් සිටියදී වැල්ලව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර දරුවන් 16 දෙනකු එකම ත්‍රිරෝද රථයක පැටවූ බව දැනගැනීමෙන් පසුව විනිසුරුවරයා විමතිය පළ කළ අතර රිය පැදවූයේ කොහි සිටදැයි ප්‍රශ්න කර සිටියා.

චූදිත රියදුරා උසාවියෙන් සමාව ඉල්ලා සිටි අතර ඉහත දඩ මුදල නියම කර නැවත එවැනි වරදකට අසුවුවහොත් සිර දඬුවම් නියම කර රියදුරු බලපත්‍රය ද අවලංගු කරන බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

[rns_reactions]