ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
Spread the love

චතුර සේනාරත්න කියන්නෙ  දේශපාලන ලෝකයේ නිරන්තරයෙන්ම බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන චරිතයක්. පහුගිය කාලය පුරාවටම ඔහු විසින් සිදුකල විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වුනා.  ඒ වගේම පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිදුකල ප්‍රකාශයක් නැවතත් කතාබහට ලක්වනවා.

ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවායින් මඩි තරකර ගන්න නොවන බවත් ඔවුන්  කළ කී දේ නෑසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණා.

එසේම බහ තෝරන කාලයේ සිටම සිට තම පියාගේ හෝ විජය කුමාරතුංගයන්ගේ  අතෙහි එල්ලී ගොස් මෙරට දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ලබාගත් පන්නරය තුලින් රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් ඉතා හොඳින් දැනගෙන සිටි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ඔහු පෙබරවාරි පළමුවැනිදා පුවත්පතකට සඳහන් කල බවද කියා සිටිනවා.

එම වීඩියෝව පහතින්.