ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…
Spread the love
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුද සහභාගී වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනපති හා හිටපු ජනපති හමුවූ මුල් අවස්ථාව එයයි.

මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බවත් හමුව සංවිධානය කර ඇත්තේ ජනපතිගේ ඥාතියෙකු හා හිටපු ජනපතිගේ ඥාතියෙකු විසින් බවද සදහන්ය.

එම හමුවේදී සාකච්ජාවූ කිසිවක් ගැන නිල වශයෙන් වාර්තා වී නොමැති නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ දහ වෙනිදායින් පසු ප්‍රබල දේශපාලන වෙනසක් ඇති කිරීමට එම සාකච්ජාවෙන් පසු එකඟත්වයට පැමිණි බවයි.