අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.
එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.
එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.
ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.
සබැදි පුවත්
අම්පාරේ තිබුනේ වඳ පෙති ඔප්පු කළොත් රුපියල් මිලියනයක තෑග්ගක්! දිනාගන්නේ මෙහෙමයි….
අම්පාරේ පුද්ගලයාට කෑම දුන් කාසිම් හෝටලයේ සිංහල වේටර් තරුණයා කියන කතාව මෙන්න..
පෙත්තක් මගින් පිරිමි වඳ කළ හැකි ද? රටම බලා සිටි වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙන්න..
‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..
වඳ පෙති තුලින් කරලියට පැමිණි අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මෙන්න..!!
රටේ දරුවන් වනසන පෙත්තක් ගැන ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි..
අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…
මැදපෙරදිගින් වස ගෙන්වා අපේ කෑමට දමා අඩු ගානට වස කවන ජාවාරමේ ඇත්ත කතාව මෙන්න..
වඳ පෙති නිසා රට ගිනි ගනිද්දි මහින්දගේ ගෙදර මන්ත්රිලට සැරටම පාටි.. ආපු අය සහ හේතුව මෙන්න..
” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!
කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..