නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම තමා පුදුමයට පත්වන බව බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.
රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් අගමැති රනිල්ගේ නිර්දේශය මත ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සබැදි පුවත්…