මේ වන විට මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද, ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසනීය තේරීම බවට රංජිත් මද්දුම බණ්ඩාර පත් වෙමින් ඔහුව එම තනතුරට පත්කර ඇත.
මේ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.
සබැදි පුවත්….
හිටිහැටියේ මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය දීපු එක ගැන ෆොන්සේකා කියන අමුතු කතාව මෙන්න…
හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…