මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේ අත්අඩංගුවට ගෙන සිදුකල පළමු ප්‍රශ්න කිරීමේදීම අමිත් විසින් සිදුවීම සැලසුම් කල සහ මුදල් වියදම් කල විපක්ෂයේ ජනපති සිහිනය දකින මිනි මෝරන්ට සබදකම් කියන පුද්ගලයෙකු පිලිබදව සියල්ල හෙලිකල වගයි…
මෙම පිරිස් විසින් ගැටුම් සදහා සැලසුම් කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද ටූ ටියුබය තුල වෙයි.
අමිත් වීරසිංහ නම් මෙම පුද්ගලයා කලකට මහසොහොන් බලකාය නිර්මාණය කර ඇත්තේ ජනපති සිහිනය දකින අන්තවාදී විපක්ෂ ප්‍රබලයෙකුගේ කොන්ත්‍රාත් කිරීමට වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද මෙම ගැටුමට සම්බන්ධ බවයි.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.
ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.
තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දේශපාලන හේතුවක් මත පොහොට්ටුවේ ප්‍රාදේශීය ප්‍රබලයෙකු වන දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී එජාපයට සබදතා ඇති මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.