මුළු රටම බලා සිටි මහනුවර දැන් තත්වය මෙන්න… ජාතිවාදී සිදුවීමෙන් පසු සියල්ල වෙනස්වෙලා….

මුළු රටම බලා සිටි මහනුවර දැන් තත්වය මෙන්න… ජාතිවාදී සිදුවීමෙන් පසු සියල්ල වෙනස්වෙලා….
Spread the love

නොසන්සුන් වූ  මහනුවර අද වෙද්දී සන්සුන් !

මහනුවර දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයට ඊයේ පස්වරු හයට පැනවූ ඇඳිරි නීතිය අද (09) උදෑසන හයට ඉවත් කෙරුණා. මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අප වෙත කියාසිටියේ.

මහනුවර ඇති වූ මෙම නොසන්සුන්තාවයේදී හානියට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීමේ කටයුතුද අද ආරම්භ කරන බවයි මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර කියාසිටියේ. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 20න් තුනක පමණක් නොසන්සුන්තාව හටගත්බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජාතිවාදය අවුලුවන්න ගෙනා පෙට්‍රල් බෝම්බ 23ක් මහනුවරින් සොයාගනී..!

මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි..

ජාතිවාදය මඩින්න සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මෙන්න..!

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

මහනුවර ප්‍රචණ්ඩකාරීන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම්….

මහනුවර ඇති වූ නොසන්සුන්තාවයේදී ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා රජයෙන් ඉල්ලීමක් කරනවා.  

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනත යටතේ මෙවැනි පිරිස් සදහා නීතිය කි‍්‍රයාත්මකවන බවයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ උප සභාපති අලි සබ්රි පැවසුවේ. මෙම චෝදනාවන්ට ලක්ව අත්අඩංගුවට පත්වන්නන්ට සුවිශේෂි කරුණක් මත හැර ඇප හිමිනොවන බවයි ඔහු පවසන්නේ.

අද පල්ලි යන අයට ජමෙතුල් උලමා සංවිධානය කියපු දේ මෙන්න…

සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය ඉස්ලාම් ජනතාව වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, අද (09) දහවල් සිදු කෙරෙන දේව මෙහෙයදී සහ ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙසයි.

අවශ්‍යතාවක් ඇත්නම් ඉස්ලාම් දේවස්ථාන තුල අද (09) සිදු කරන දේව මෙහෙයන්වල වේලාවන් භාරකාර මණ්ඩලයේ අනුමැතිය සහිතව වෙනස් කර ගැනීමට ද හැකියාව පවතින බවයි සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය නිවේදනය කළේ.

ආරක්‍ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

VPN දාගෙන Facebook එකේ දගලන අය ගැනත්  TRC සෙවිල්ලෙන්

VPN ආදී විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යවලට පිවිසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

එසේම, ජාතිවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නන් සහ හුවමාරු කරන්නන් පිලිබදව එම කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි.

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි.

මහනුවර පාසල් නැවත විවෘත වන දිනය මෙන්න….

මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු පාසල් ලබන සදුදා (12) විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියාසිටියේ මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබද අධීක්‍ෂණය කරමින් සිටින බවයි.

මහනුවර දිස්ති‍්‍රක්කයේ පාසල් කි‍්‍රකට් තරග සහ රග්බි තරගද මේ වනවිට කල් දමා තිබෙනවා.

සබැදි පුවත්….

රට ගිණි තැබූ මහා සොහොන් බලකායේ සිදුවීම ගැන මහ මොලකරු අමිත් නම් එක්කම සියල්ල වමාරයි….