” දොඩම් වලට තහනම් රසායන ද්‍රව්‍ය ගල්වලා ” හොරණේ සුපිරි වෙළදසැළක සිදුවන දෙයක් එළියට .!

” දොඩම් වලට තහනම් රසායන ද්‍රව්‍ය ගල්වලා ” හොරණේ සුපිරි වෙළදසැළක සිදුවන දෙයක් එළියට .!
Spread the love

හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් දෙකක අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කහ පැහැති ආනයනික දොඩම් පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කර ඇති ‘ක්‌ලෝපයිරිනස්‌’ නම් කෘමිනාශකය ඒවායේ අඩංගු වී තිබූ බව තහවුරු විනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

මෙම දොඩම් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා පරීක්‍ෂා කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස්‌ මත ආහාර හා සෞඛ්‍ය පරීක්‍ෂක එල්. එන්. එන්. පෙරේරා මහතා විසින් මෙම දොඩම් පරීක්‍ෂාවට ලක්‌කර තිබේ.