බස් රථ රියැදුරෙකුට පහර දීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි එම් කේ කසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සඳහන් කරනවා.
සීදුවේ දි අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියා.
“එම මන්ත්‍රිවරයා ඇත්තටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේ කණ්ඩායම නෙමෙයි නියෝජනය කරන්නේ. අනික් පැත්තේ කණ්ඩායම. මන්ත්‍රිවරයෙක් මොන පක්ෂයේ වුවත් ඒ වගේ ප්‍රචන්ඩකාරි ක්‍රියාවක නිරත වීම අනුමත කරන්නේ නැහැ.”
අනුමත කරන්නේ නැහැ විතරද පක්ෂෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? ජනතා නියෝජිතයන් මේ විදියට හැසිරුවාම කොහොමද සාමාන්‍ය ජනතාව හසුරුවා ගන්නේ?
“ඒ පිළිබඳව පක්ෂෙට වාර්තාවක් ඉදිරිපත් වේවි. ඊට පස්සේ පක්ෂේ ඒ පිළිබඳව තීරණයක් ගන්නවා. දැනටමත් ඔහුව අත්තඩංගුවට ගැනීමක් සිද්ධ කරලා තියනවා. නීත්‍යානුකූල කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව මේ වගේ කාර්යයන් ගැන පක්ෂේ විසින් විනය ක්‍රියාමාර්ග ගන්නවා.”