අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..

අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..
Spread the love
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. 

නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ (09) ඔහු අත් අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශ්වයන් සමථය පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවු අතර බීමතින් රිය පැදවීමේ චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

ඒ අනුව අද (10) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.