අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සී.සී.සී. පිල පරදා ලකුණු හයක තියුණු ජයක් ලැබීමට එන්.සී.සී. පිල සමත් විය.
පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 183 ට පිළිතුරු ලෙස සී.සී.සී. පිලේ සියලු දෙනා ලකුණු 177 කට දැවී යද්දී පන්දුවාර 19.3 ක් අවසන්ව තිබුණි.
මෙම තරගයේ කාගෙත් කතාබහට ලක්‌වූ පන්දු යවන්නන් දෙදෙනා වූයේ ලසිත් මාලිංග සහ ඔහුගේ ඉරියව්වට සමානව පන්දු යවන 23 හැවිරිදි නුවන් තුෂාර කෙරෙහිය.
මාලිංග එන්.සී.සී. පිල නියෝජනය කරමින් පන්දුවාර හතර තුළදී ලකුණු 36 ට කඩුල්ලක් දවා ගත් අතර ඔහුගේ ඉරියව්වට සමාන පන්දු යවන සහ “පොඩි මාලි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නුවන් තුෂාර සී.සී.සී. පිලට වෙනුවෙන් පන්දුවාර හතර ලකුණු 32 කට යවමින් කඩුලු හතරක් බිඳ දැමීය. නුවන් තුෂාරගේ පන්දු හමුවේ නිරෝෂන් දික්‌වැල්ල, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා සහ චතුරංග ද සිල්වා යන ප්‍රබල පිතිකරුවන් දැවී ගියහ.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මාලිංග
ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වූ ලසිත් මාලිංග මෙවර පළමු පෙළ තරගවාරයේදී තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු කඩුලු 17 ක් දවා ගෙන තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යඨ 11.35 ක් ලෙස සටහන් වන අතර පන්දුවාරයකට දළ ලකුණු 6.61 ලෙසින් සටහන් වේ. මාලිංග සමග කඩුලු ලබා ගැනීමෙන් සමතැන සිටින චතුරංග සිල්වා කඩුලු 17 ක් දවා ගත්තද කඩුලු ලබා ගැනීමේ දළ ලකුණු වේගය අනුව ඔහු දෙවැනි තැනට පත්ව තිබේ.
අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය
එන්.සී.සී. පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 183 යි. (නිරෝෂන් දික්‌වැල්ල 00, භානුක රාජපක්‌ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 32/4 යි.
සී.සී.සී. පන්දුවාර 19.3 කදී සියල්ල දැවී ලකුණු 177 යි. (සචිත් පතිරණ 47, අශාන් ප්‍රියංජන 29, වනිදු හසරංග 42, ලසිත් මාලිංග 36/1, ළහිරු කුමාර 31/3)
පොඩි මාලියි – ලොකු මාලියි ගැටුණු ලංකා 20-20 අවසන් මහා තරගයේ රස මුසු තැන් මෙන්න…
