චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…

චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…
Spread the love

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. රටෙහි ඇතිවූ අර්බුධකාරී තත්වය මෙම රැස්වීමේදී විශේෂ මාතෘකාවක් විය.

මෙහිදි අමාත්‍ය පී. හැරිසන් කීවේ  “නුවරට බස්‌වලින් සෙනඟ ඇදලා කලබල කරවලා තියෙන්නේ සිවුරු ඇඳ ගත්ත අය කියලයි කියන්නේ… ඒත් සිවුරු දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු ද කියලා පොලීසියයි ජනතාවයි දෙගොල්ලම විමසිලිවත් වෙලා බලන්න ඕන…” ලෙසය.
 
“සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක්‌ කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක්‌ දෙනෙක්‌ වැඩ ගන්නවා. සීමිත පිරිසක්‌ තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක්‌ අහිමි වුණා.” නවීන් දිසානායක පුළුල් විග්‍රහයක්‌ කරන්ට පටන් ගත්තේ ය.
 
“ඒවාට දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි අගමැති කීය.
 
“ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” අගමැතිවරයා ප්‍රකාශ කළේය.
 
 “මේ ගිනි නිසා අගමැති හා ආණ්‌ඩු මාරුවයි විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්දෙ කණ්‌ඩායම් රැස්‌වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්‌ටු පත්තු කරල ලැඡ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි”