මෙවර සිංහල-හින්දු අවුරුදු නැකැත් දෝෂ සහිතද..?

Spread the love

වසර 2017 සඳහා සකස් කරන ලද නැකත් පත්‍රයේ කිසිදු අඩුපාඩුවක් හෝ දෝෂයක් නොමැති බව පෙන්වා දෙන ජ්‍යෙතිෂවේදීන් එම නැකත් පත්‍රයට අනුව නව වසරේ කටයුතු ආරම්භ කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.නැකත් කමිටුවේ එක් සාමාජිකයෙකු කමිටුවේ සාමාජික වගකීම පැහැර හරිමින් නැකත් කමිටුවට දෝෂාරෝපනය කරමින් පුවත්පතකට යොමු කර ඇති ලිපියක් මගින් ජ්‍යොතිෂ කරුණු විකෘති කරමින් මහජනයා නොමග යැවීමට උත්සාහයක් ගෙන ඇතැයිද ඊයේ (04) සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ජනාධිපතිවරුන් ගණනාවක් පාලන සමයේ සිට පත් කර සිටින 31 දෙනෙකුගෙන් සමන්විත නැකත් කමිටුව සඳහා කිසිදු සාමාජිකයෙකු දේශපාලනයෙන් බඳවාගෙන නොමැති බවත් සාමූහික තීරණ වලට එකඟතාවක් නොමැති සාමාජිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී සිතා බලන බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මහත්මිය මෙහිදී පැවසුවාය.

වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කතා කරමින් මෙසේද කීය.

නැකත් කමිටුව සකස් කරන නැකත් සම්බන්ධයෙන් තමා දන්නා තවත් ජ්‍යොතිෂවේදීන් කැඳවා වැඩිදුර තහවුරු කරගත් නව අවුරුදු නැකත් සඳහා කමිටු සාමාජිකයින් 31 දෙනා අත්සන් කර ඇති එම නැකත් පත්‍රයට අනුව මේ වන විට 2017 අවුරුදු නැකත් ක්‍රියාත්මකවෙලා පංචාංග ලිත පවා හදා අවසන්.

්‍යොතිෂවේදීන් මොනව කිව්වත් රටේ ජනතාව පංචාංග ලිත බලලයි වසර කොහොමද කියලා කටයුතු කරන්නේ.

රටේ හාමුදුරුවරුන්,දේශපාලඥයින් මෙන්ම හැම ජන කොටසකම අදහස් වෙනස් අය සිටිය හැකියි. එකමුතු තීන්දුවක් අවශ්‍යයි. එකමුතුවෙලා වැඩ නොකලොත් ජ්‍යොතිෂයට අවනම්බුවක්.

පැවැති පාලන සමයේදී ඇතැම් ජ්‍යෙතිෂවේදීන් පළ කළ අනාවැකි සමග අවසානයේ ඒ අය සොයාගන්නවත් බැරි තත්වයක් උදාවුණා.

[rns_reactions]