පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි
Spread the love

පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌ නිවේදනයට ඇතුළත් වන අතර එමනිසා මුද්‍රණය, සෝදුපත් බැලීම ආදී කටයුතුවලට දින කිහිපයක්‌ ගතවනු ඇති බවත් මේ වන විට නම්වල නිවැරැදිතාව පරීක්‍ෂා කිරීමට මැතිවරණ කොමිසමට එම ලේඛන යොමුකර ඇති බවත් ඒවා අඩුපාඩු සකස්‌ කිරීමෙන් පසුව අවසන් කර මුද්‍රණයට යොමු කරන බවත් එම ආරංචි වල  වැඩිදුරටත් සඳහන් වේ.