අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ
Spread the love

තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස්‌ කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක්‌ බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා නැගෙනහිර මනම්පිටිය සමගි අවමංගල්‍යාධාර සමිති ඇතුළු ස්‌වෙච්ඡා සංවිධානවලට ප්ලාස්‌ටික්‌ පුටු සහ ගොවි සංවිධාන ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත්කිරීම සඳහා පැවැති උත්සවයකදී පවසන ලදී

එහිදී, 

“මේ රටේ සියලු දෙනා ජීවත්වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව මතයි. සිංහල ගම්මානවලට සහ වැලිකන්දේ මුස්‌ලිම් ගම්මානවලට හා මනම්පිටියේ දෙමළ ගම්මානවලට උදව් කරන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනුයි.මෙම ප්‍රදේශවල අහිංසක දුප්පත් ජනතාවට විශාල ගැටලු තිබෙනවා. ඒවා පිළිබඳව පක්‌ෂ නායකයන් දැනුවත් කළද ඔවුන් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.