තමා පරිභෝජනය සඳහා වෙළෙඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගොස් වේළුණු ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැඳි වැව අායුර්වේද වෛද්‍යවරයෙකු වන කේ. ජී. රවින්දු කුමාර පවසනවා.
මේ පිළිබඳව ඔහු දැක්වූ අදහස් සහ ඡායාරූප පහතින්…
“මම පසුගිය දවසක ගේ ළඟ කඩෙන් ලුණු ඇතුළුව වෙනත් කෑමට ගන්නා බඩු ගෙදරට ගෙනාවා. අද උදේ ලුණු පැකට් එක කඩලා වෑංජනයට දාන්න හදකොට ලුණු පැකට් එක් ඇතුළේ ලොකු ලුණු කැටයක් තිබුණා. ඒක මම පොඩි කරනනකොට කළු පාට මොකක්දෝ තිබුණා. බලපුවාම ගෙම්බෙක්. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ කියලා. මම දන්න විදියට ගෙම්බෝ විෂ සහිත අය ඉන්නවා. මේ ලුණු පැකට් එක අයිති සමාගම හම්බන්තොට ප‍්‍රදේශයේ එකක්. එම සමාගම විසින් රට පුරා මෙම ලුණු බෙදා හැර තිබෙනවා.
කවුරු හරි කියනවා නම් අපි බොරුවක් කියනවා කියලා මේ ගෙම්බා පරීක්ෂා කර බලන්න පුළුවන් ලුණු පැකට් එකේ හිටියාද නැද්ද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරික්ෂා කිරීමෙන් පසු මිනිස් පරිභෝජනයට සුදුසු බව අනුමත කළ ලුණු පැකට් එකක් තමයි මේ. මේ ලුණු පැකට් එකේ ශ්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය තිබෙන එකයි පුදුම වැඩේ. මම මේ සම්බන්ධයෙන් පාරිභොගික අධිකාරියටත් පැමිණිලි කළා. ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳ සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි කි‍්‍රයා මාර්ග ගත යුතුයි”