පසුගිය දා සමාජමාධ්‍ය තුලද මහත් ආන්දොලනයකට තුඩු දුන් පුවතක් උනු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද(13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය ඉකුත් වී ඇති බවට ද හෙළිවී තිබෙනවා. පසුගිය සිකුරාදා බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ අතර ඔවුන් පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේදී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වද්දා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙක්.
මේ අතර දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේදි අද (13) කතා බහට ලක්වුන බවත් සදහන්.
දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකිද යන්නයි.
එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ, “මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්නද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිව්‍ය ලෝකයේත් සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න”.