ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!

ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තීරණාත්මක තරඟයට ඉන්නවද?නැද්ද? තීරණය මෙන්න!
Spread the love

ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 16 දා පැවැත්වෙන තිරණාත්මක තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 12 දා පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්විය.

කෙසේ වෙතත් සිකුරාදා පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට ප්‍රමාණවත් සුවයක් මේ වන විට කුසල් මෙන්ඩිස්ට ලැබි ඇතැයි වාර්තා වෙයි.

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 18 දා පැවැත්වීමට නියමිත අතර එම තරගයට සුදුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි  තරගය ජය ගත යුතුම වෙයි.කුසල් මෙන්ඩිස් මේ වන විට ඉහළ රිද්මයකින් පන්දුවට පහරදෙමින් සිටියි.