ෆේස්බුක් සමාගම ශ්‍රි ලංකාවේ ගිණුම් වලින් උපයන සුපිරි ආදායම ගැන ඇත්ත කතාව මෙන්න…

ෆේස්බුක් සමාගම ශ්‍රි ලංකාවේ ගිණුම් වලින් උපයන සුපිරි ආදායම ගැන ඇත්ත කතාව මෙන්න…
Spread the love

ෆේස්බුක් සමාගම ශ‍්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් මගින් මාසිකව උපයන ආදායම රුපියල් කෝටි 50ක් පමණ වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

ෆේස්බුක් ගිණුම් හිමියන් වෙත දැන්වීම් ප‍්‍රදර්ශනයෙන් සහ ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් ව්‍යාපාරික හා ප‍්‍රචාරණ අරමුණු සඳහා පළ කරන දැන්වීම් මගින් මෙම ආදායම උපයාගන්නා බව අනාවරණ වී ඇත.

මෙරට පුද්ගලයන්ට අයත් ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 6.5 ක් වන බව ගණන් බලා තිබේ. ඒ අතරින් දිනපතා ක‍්‍රියාකාරී වන ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි.

මෙරට එක් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් මගින් එම සමාගම උපයා ගන්නා වාර්ෂික දළ ආදායම අමෙරිකානු ඩොලර් 01ක් හෙවත් රුපියල් 150ක් පමණ වන බවද එම අධ්‍යයනයේදී හෙළි වී තිබේ.

ඉන්දියාවේ එක් ෆේස්බුක් ගිණුමක් මගින් ෆේස්බුක් ආයතනය උපයා ගන්නා ආදායම ඉන්දීය රුපියල් 16ක්. ආසියා ශාන්තිකර කලාපීය එක් ගිණුමකින් ෆේස්බුක් සමාගම උපයා ගන්නා වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 2.9ක් පමණ වන බව හෙළිවී ඇත.