හැත්තෑ හත් වසරක් මාධ්‍යයේ සිටි එස්.පියසේන සමුගනී

Spread the love

පුරා හැත්තෑ හත් වසරක ලේඛක සහ මාධ්‍යවේදී දිවියකට හිමිකම් කියූ ප්‍රවීණ මාධ්‍යවේදී එස්.පියසේන මහතා අද (05) අළුයම අභාවප්‍රාප්ත විය. 1940 වසරේ පුවත්පත් කලාවට සම්බන්ධ වූ ඔහු මිය යන තෙක්ම පුවත්පත් කලාව සහ ජනමාධ්‍යය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර 1951 දී ලංකා ගුවන් විදුලි සේවයට බැඳුණු ඔහු 1964 වසරේ සිට ඉන්දියාවේ ආකාශ්වාහිනී ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස වසර 11 ක් කටයුතු කර ඇත.

ඉංග්‍රීසි සිංහල ‍භාෂා දෙකම ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි ඒ මහතා පාර්ලිමේන්තු කතා පරිවර්තකයකු ලෙසද කලක් සේවය කොට තිබේ.

දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සමීපතම හිතවතෙකු වූ පියසේන මහතා 1978 ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් පදවියටත් 1983 ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් (මදුරාසි) ලෙසද සේවය කොට ඇත. එහිදී ඔහු මදුරාසියේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ කටයුතු වෙනුවෙන්ද වි‍ශිෂ්ඨ මෙහෙයක් කළ බව ප්‍රකට කරුණකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

[rns_reactions]