ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් පරිගණක මෘදුකාංග සහිත නව තාක්ෂණික උපකරණ පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක තරඟය සඳහා පුහුණුවීම් සඳහා එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද භාවිත කරන මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.
මේ මෘදුකාංගය සහ උපකරණ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.
GPS තාක්ෂණය ද ඇති මෙම උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරඟ පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.
එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.
ඊයේ දිනයේ ක්‍රීඩකයන් එම උපකරණය පැළඳ පුහුණුවීම් සඳහා එක්ව සිටියේ මේ අයුරින්.