හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී
Spread the love

කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමු වූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි.

ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස, මුරවැඩිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවට ඊයේ (18) අනාවරණය කර ගනු ලැබී ය.

කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 07 වැනි දා උදෑසන ය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති කොස් මල්ලිගේ කඳ කොටස සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ එම ප්‍රදේශයට ගොස් තිබිණ.

මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකුවන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකුවන මොහොමඩ් රිස්ඛාන් නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ කොස් මල්ලී නැමැත්තා, පාතාල කල්ලි නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු ද වේ.