ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…

ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…
Spread the love

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්විණි.

ජනාධිපතිතුමා ඇතුඑ පක්ෂ නායකයින් ඉදිරියේ පළාත් පාලන නියෝජිතයින් විසින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා අවංකව සහ කැපවීමෙන් කටයුතු කරන බවට වන පක්ෂයේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ෆයිිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැති ඇමතිවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු ඇතුඑ මහජන නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.