ලෝකයේ අති දූෂිතම රටවල් 4න් එකක් බවට ලංකාව පත්වී ඇති බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.
“ලෝකයේ අති දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා අවසන්. මේවාට සම්බන්ධ හොර ජාවාරම්කාරයෝ තමන්ගේ රාජකාරිය හොඳට කරලා තිබෙනවා. ඒවට නඩු භාණ්‌ඩත් තිබෙනවා. දැන් මල්වානේ ගෙදර තිබෙනවා. තාජුඩීන්ගේ මළමිනිය තිබෙනවා. ඒත් මේ නඩු භාණ්‌ඩ සියල්ල තිබෙද්දී ඒ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනඒම හා දඬුවම් දීම සිදුකෙරිලා නෑ. මහ බැංකු වංචාකාරයොත් ඉන්නවා. ඒ හොරු අල්ලන්නැත්තේ ඇයි.
මේ හොරුන්ව ආරක්‌ෂා කරන්නේ අධිකරණය, නීතිඥයන්, පූජකයන්, පාලකයන්, ජනතාව අපේ රට විනාශ වෙලා තිබෙන්නේ හරි කෙලින් වැඩකරන අධිකරණයක් නැති නිසයි. මේවා එළියේ කිව්වහම මට නඩු වැටෙනවා. ඒත් මේවා කියන්න ඕන. මහ හොරු රකින්න දූෂිත නීතිඥයෙක් ඉන්නවා. ඒ හොරුන්ව රකින්න සුදු හුණු ගාන නීතිඥයන් දැක්‌කහම ලැජ්ජා හිතෙනවා.
ගෝඨාභය රාජපක්‌ෂ අධිකරණයට යන්න බයයි. අත්අඩංගුවට ගන්න එපා කියනවා. අද අපි එක්‌ක ඉන්න 75% ක්‌ම හොරු මාත් එක්‌ක වාදයකට ආවොත් ඒ ගැන කියන්නම්. හැම කෙනාගෙම පයිල් මම ළඟ තිබෙනවා. මේ පක්‌ෂ දෙකේම හොරු ඉන්නවා. ෙජ්වීපී ය සුපිරිසිදු පක්‌ෂයක් කියනවා ඒත් මුලින්ම බැංකු කැඩුවේ කවුද? පක්‌ෂ බේදයක් නැතුව හොරු අල්ලන්න අපි කවුරුත් එකතු වුණොත් මේ රට හදන්න පුළුවන්. ඒ වගේම කොන්ද කෙළින් තියාගෙන තීන්දු දුන්නොත් විනිසුරුවරුන්ට මේ රට සුරපුරයක් කරන්න පුළුවන්.”

