සිසුවියට අතවර කල ගුරුතුමාට වසර 20ක හිර දඩුවමක්.

Spread the love

මෙයට වසර 09 කට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියකට උපකාරක පන්තියේදී ලිංගික අපයෝජන කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයාට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර 20 ක (විස්‌සක) බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය.

මෙයට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද, දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිරදඬුවම් නියම කෙරිණි.

අකුරැස්‌ස පදිංචි රාමනායක ගමගේ කරුණාදාස (65) නම් අයට මෙසේ දඬුවම් නියම විය. 2008 මාර්තු 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි සිසුවියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් මෙසේ දඬුවම් නියම විය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමාදනී පියසේන මහත්මිය පෙනී සිටියාය.

[rns_reactions]