මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!

මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!
Spread the love

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවුල් පාලනය පෙරටු කොටගත් පක්ෂයක් බව එම පෙරමුණෙන් තලාව ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තේරි පත් වූ එච් එම් අබේරත්න පවසා සිටිනවා.

ඊයේ (20) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ මුදල් බලයට පළාත් පාලන ආයතන වල තනතුරු තෝරා පත් කරන බවයි.

“මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දි වැඩිම ප්‍රතිශතය ගෙනල්ලා දීලා තියෙන්නේ මම. මාර්තු 15 වෙනිදා වෙනකම් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ මගේ නම තමයි සභාපති තනතුර වෙනුවෙන් තිබුණේ. නමුත් ඒ තනතුර අද වෙනකොට ටී එම් ආර් සිරිපාලගේ පුතා වන ඉන්දික නුවන් කුමාරට. තත්ත්වය නිවැරදි නොකළොත් බරපතළ ප්‍රතිවිපාක ඊලඟ ජනාධිපතිවරණයෙත්, මහමැතිවරණයේත් දිත් විපාක විදින්න වෙයි. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. පැහැදිළිවම මම සියළු නායකයන්ට මේ චෝදනා එල්ලකරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේකේ වගකීම ගත යුතුයි. ජී එල් පීරිස් මැතිතුමත් මේකට වගකිව යුතුයි. එස් එම් චන්ද්‍රසේනත්, එස් එම් රංජිත් ද මේ වගකීම දරන්න ඕන කියලා පැහැදිළිවම මම කියනවා. පැහැදිළිවම පොහොට්ටු පක්ෂය පවුල් පාලනය ක්‍රියාත්මක වන පක්ෂයක් කියලා මම වගකීමෙන් කියනවා.” ඔහු පවසා සිටියා.