ශ්‍රී ලංකා වාසීන්ට ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වන්නේ තම ආගමට පමණයි. ඒ තරමටම ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. ආදරෙයි. රටවැසියා බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි. මොන ක්‍රීඩාව දියුණු උනත් කොයි ක්‍රීඩාව ජයග්‍රහණ ලැබුවත් ජනතාවට ඒවා ගැන තැකීමක් නැහැ.
ඔවුනට අවශ්‍යවන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි, නිදහස් කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භකලේ අතිවිශිෂ්ට ලෙසය නමුත් ක්‍රීඩා කල තරග හතරෙන් ජයගත හැකි වුයේ එක් තරගයක් පමණි තරග තුනක් පරාජයට පත්විය කෙසේවෙතත් පරාජය වුවත් 2017 ට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට ලැබෙයි මෙයට හේතුව හතුර්සිංහගේ ආගමනය බව නොරහසකි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ ආසියානු තරගාවලිය ඇතුළුව ප්‍රභල තරගාවලි රැසකට මුහුණ දීමට සිදුවෙයි ,මේ අතර 2019 ලෝක කුසලානයද පැවැත්වීමට නියමිතය

—


