අැමති දුමින්ද හීනයක් දකිනවා.. ග්ලයිෆොසේට් තහනම ඉවත් වන්නේ නෑ – රතන හිමිගෙන් ප්‍රකාශයක්.

අැමති දුමින්ද හීනයක් දකිනවා.. ග්ලයිෆොසේට් තහනම ඉවත් වන්නේ නෑ – රතන හිමිගෙන් ප්‍රකාශයක්.
Spread the love
ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ තහනම ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත්  ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට මේ වන විටත් යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
යම් හෙයකින් ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය පියවර ගතහොත් වස විසෙන් තොර ගොවිතැන සඳහා සහය පළ කරන කණ්ඩායමක් සමඟ එක්වීමට තමන් සූදානම් බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කරයි.