මීගමුව නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද සභාවේ මන්ත්රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට එහි නගරාධිපති ධුරය හිමිවිය.
ඒ අනුව ඡුන්ද 25ක් ලබා ගනිමින් දයාන් ලංසා මහතා නගරාධිපති ලෙස තේරී පත් වූ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් උප නගරාධිපති පත් කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය රොයිස් විජිත ප්රනාන්දු ලබාගත් ඡන්ද ප්රමාණය 19කි.
මන්ත්රී ධුර 03ක් හිමි ජවිපෙ ඡන්දය දීමෙන් වැලකී සිටියදී මන්ත්රී ධුර 04ක් තිබූ ශ්රීලනිපයේ ඡුන්ද තුනක් පොදුජන පෙරමුණටත් එකක් එජාපයටත් ලෙස ලබා දෙන ලදී.

